Grab the RSS feed

මානසික ආතතිය




භෞතික හෝ මානසික තර්ජනයන්ට (සැබෑ හෝ මනඃකල්පිත) සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම නිසා ආතතිය හටගනී. මානසික ක්‍රියාදාමයක් නිසා හටගන්නා වූ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන මෙය, කෙටි කාලීන ප්‍රතිචාරයක් වශයෙන් ඵලදායී වුවද දීර්ඝ කාලීනව ගත් විට ශරීරයට හානිකර විය හැක.

කළබලකාරී වීම, ඇඩ්‍රිනලින් නිෂ්පාදනය, තාවකාලික ප්‍රතිරෝදය හා විඩාවට පත්වීම මෙන්ම නොසන්සුන්කම, මාංශපේශී තදබව, අවධානය අඩුවීම හා හිසරදය, හෘද ස්ඵන්දන වේගය ඉහළ යාම ආදී ලක්ෂණද මානසික  ආතතිය හා බැඳී පවතී.


මානසික ආතතිය, මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමන ප්‍රධාන සාධකයකි.


මානසික ආතතිය පාලනය කිරීම 
  1. ආතතිය ඇතිවීමට බලපාන සාධක හඳුනා ගැනීම
  2. විවිධ මට්ටම් වලදී ආතතිය සමනය කිරීමට උපකාරී වන ප්‍රතිකර්ම භාවිතය
මනස - මනස පිරිසිදු කිරීම සඳහා භාවනාව වැනි ක්‍රම සුදුසු පරිදි යොදාගත හැක.

ආතතියට  ප්‍රතිචාර
මානසික ආතතියේ ප්‍රතිථලයක් ලෙස මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම් හරහා කෝටිසෝල්,ඇඩ්ඩ්‍රනලින් වැනි විෂ ද්‍රව්‍ය ශරීරයට පිට කරයි.
ආතතිය මගින් මනසේ උපාංග පමණක් නොව ජීව විද්‍යාත්මක වෙනස් වීම් ද ඇති කරනු ලැබේ.දීර්ඝ කාලයක් පුරා පවතින ආතතිය මගින් මොළ සහ හදවත වැනි ඉන්ද්‍රියන් විනාශයට පත් වෙයි.
මෙය  උදාහරණ මගින් පෙන්වා දිය හැක.
අවුරුදු  52 ක් පමණ වන පාසල් ගුරුවරියක් තමාගේ දියණියගේ සහ නොඋපන් මුනුපුරාගේ සෞඛ්‍ය  තත්වය පිළිබඳව දැඩි ලෙස වද විය.මේ නිසා දැඩි මානසික ආතතියට ඇයපත් වු අතර ශාරීරිකව දිරාපත් විය (නිදා ගැනීමට නොයෑම,ආහාරඅරුචිය,කෙට්ටු වීම,නිතරම පවතින හිසේ කැක්කුම,  පපුවේ ගැස්ම වැනි තත්වයන් ඇති විය). සති දෙකකට පසුව ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කය.
ශරීරය
  1. ව්‍යායාම
  2. සමබල ආහාර
  3. මත්පැන් සහ දුම්පාතයෙන් වැළකීම
  4. Deep tissue massage
  5. විශ්‍රාන්ති (Relaxation) ක්‍රම
  6. ඖෂධමය ප්‍රතිකාර වැනි වෛද්‍ය ප්‍රතිකර්ම

ඔබටත්
  • නින්ද නොයෑම
  • සිතේ  ස්වභාවය වෙනස්වීම
  • මතකය හා අනෙකුත් ඥානාත්මක ක්‍රියා වල වෙනස්වීම්
  • කායික ගැටළු

ආදී රෝග ලක්ෂණ කලක සිට පවතින්නේ නම්, වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.

අමතක වීමේ රෝගය (Dementia)



මෙය මොළය හා සම්බන්ධ රෝගයක් වන අතර,
  • මතකය
  • තීරණ ගැනීමේ ශක්තිය
  • එදිනෙදා කටයුතු
වලට බාධා පමුණුවයි.

සෑම තත්පර 7 කට වරක් ලොවපුරා ඩිමෙන්ෂියාවෙන් පෙළෙන එක් අයෙකු හඳුනා ගැනේ.
අවුරුදු 65ට වැඩි අයගෙන් 5% ක් ඩිමෙන්ෂියාවෙන් පෙළෙයි.
අවුරුදු 75 ට වැඩි අය අතර මේ අගය 10% කි.



ඩිමෙන්ෂියාවට බලපාන හේතු මොනවාද?

ඇල්සයිමර්ස් රෝගය (Alzheimer's Disorder) ඉතාබහුලවම දැකිය හැකි සාධකයකි. මෙමඟින් මතකය සහ සිතීම ආශ්‍රිත ගැටළු මතු කරයි. නව කරුණු ඉගෙනීම අපහසු වන අතර, මෑත කාලීන සිදුවීම් ආදිය මතක තබාගැනීමද වඩාත් අපහසු වේ. පුද්ගලයන්ගේ නම් හෝ ස්ථාන අමතක වීම, අනුන් සමඟ සන්නිවේදනය අපහසු වීම හා ඔවුන් පවසන දේ වටහාගත නොහැකි වීමද සිදුවේ.

ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයෝ බොහෝවිට තමන්ට ගැටළුවක් ඇති බව වටහා ගැනීමට අපොහොසත් වන නිසා,  අනුන් තමන්ට උපකාර කිරීමට තැත් කරනවිට කෝප වෙති. එසේම ඇල්සයිමර්ස් රෝගය තුළින් පුද්ගලයාගේ පෞරුෂය වෙනස් වන බවත්, ඒ නිසා ඔහු / ඇය ගේ හැසිරීමේ විශාල වෙනස්කම් ඇතිවන බවත් රෝගීන්ට රැකවරණය සලසන්නන්ගේ මතයයි.

Vascular Dementia - මොළයට රුධිරය සපයන රුධිර වාහිනී අවහිර වීමෙන් ඔක්සිජන් හිඟ වී  මොළයේ කොටස් මියයාම මෙහිඳී සිදු වේ. දුම්පානය කරන්නෙකු හෝ අධිරුධිර පීඩනය,  දියවැඩියාව හෝ අධි කොලෙස්ටරෝල් මට්ටමක් සහිත වූවෙකු නම් මෙය වඩාත් සුලභව සිදු වේ.

මොළයේ විනාශ වන කොටස් මොනවාද යන්න මත මෙම රෝගයේ බලපෑම විවිධ වේ. මතකය අඩුවීම, අවධානය  අඩුවීම, වචන අමතක වීම, විශාදය ආදිය මේ අතර වේ. ඇවිඳීමේ අපහසුතා හෝ incontinence  වැනි කායික දුර්වලතාද මතුවිය හැක.

Lewy Body Dementia - ඇල්සයිමර්ස් රෝගය හා පාකින්සන්ස් රෝගය යන තත්වයන්ගේ රෝග ලක්ෂණ මෙහිදී පෙන්වයි. පුද්ගලයන් හෝ සතුන් පිළිබඳ visual hallucinations,  වෙව්ලීම, මාංශපේශී තදබව (muscle stiffness) හා ඇවිඳීමේ අපහසුතා බහුලව දක්නට ලැබේ

Fronto Temporal Dementia - ඩිමෙන්ෂියා තත්වය මඟින් මොළයේ ඉදිරිපස කොටසට වැඩිම බලපෑමක් කරයි නම්, එමඟින් පෞරුෂත්වයේ වෙනස්වීම් හා මතකය ආශ්‍රිත ගැටළු ඇති කරලීමේ වැඩි ඉඩක් ඇත.




ඩිමෙන්ෂියා වට බලපාන වෙනත් සාධක
වෙනත් රෝග ගණනාවක් නිසා මතකය ආශ්‍රිත ගැටළු ඇති විය හැකිය. විශාදය මඟින්ද Pseudo Dementia ඇතිවිය හැකි නමුත් එය ප්‍රතිකාර සමඟ සුව වේ.
මතකය ආශ්‍රිත ගැටළු ඇතිකළ හැකි කායික රෝග තත්වයන් ගණනාවකි.
  • වකුගඩු, අක්මාව හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග
  • විටමින් ඌනතාවය
  • පෙනහළු හෝ මූත්‍රා ආසාදන
  • Huntington's disease වැනි දුලබ රෝග තත්ව

මොළයේ ඥානාත්මක ක්‍රියාවල සිදුවන මඳ අක්‍රියතාවන් (Mild cognitive impairment) යනු කුමක්ද?
වයස්ගත වීමක් සමඟ බොහෝ දෙනා මතකය ආශ්‍රිත ගැටළු වලට මුහුණ දෙති. වයස අනූව සැලකීමේදී තත්වය බරපතල වන නමුත්, ඩිමෙන්ෂියාව ලෙස විනිශ්චය වීමට තරම් තත්වය බරපතල නොවන විට එය ඉහත නාමයෙන් හඳුන්වයි.

මෙවැනි තත්වයෙන් පෙළෙන්නන් 20ක ගෙන් 1 අයෙකුට ඩිමෙන්ෂියාව වැළඳීමට ඉඩ ඇත
අවධානම් සාධක
පිළියම් නොකළ                  පිළියම් කල                                        අවධානම වැඩිවීම
වයස                               මස්තිෂ්කවාහිනි ආබාධ                                9X
ජාන විද්‍යාව                       දියවැඩියා                                               2X
ස්ත්‍රි පුරුෂ භාවය                 අධික රුධිර පීඩනය                                    2X
හිතේ ඇතිවන කම්පනය        අධික රුධිර කොලොස්ටරෝල්                       2X
කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර මගින් වෙනසක් ඇති කල හැක.

අමතකවීම සොයා බැලීමේ පරීක්ෂණය
කුඩා මානසිකත්ව පරීක්ෂණය(Mini Mental State Examination)
කුඩා මානසිකත්ව පරීක්ෂණය මගින් ඥානය පිළිඳව කුඩා පරීක්ෂණයක් කරනු ලැබේ.මෙය විනාඩි පහක් ඇතුලත සිදු කරන පරීක්ෂණයකි.මෙය රෝගියාගේ මොළයේ පවතින රෝගී තත්වය හඳුනා ගැනී සහඅගය කිරීම සඳහා වැදගත්ය.එය හොඳින් බුද්ධි පරීක්ෂණ සඳහා සම්බන්ධවන නමුත් මින් මොළයට වී ඇති හානිය අවබෝධ කර ගැනීම පහසු නැත. 23හෝ ඊට අඩු ලකුණු මට්ටමක සිටියහොත් 90% ක් රෝගියාගේ ඥානයේ බාධා ඇති අතර 10% ක වැරදි ධනාත්මක වේ.
කුඩා මානසිකත්ව පරීක්ෂණය
දිශානතිය
නිවැරදි පිළිතුරකට එක් ලකුණක් ලබා දෙන්න
මොකක් ද:වෙලාව, දිනය, මාසය, අවුරුද්ද? උපරිම ලකුණු 05යි
මොකක් නම:මේ වාට්ටුවේ රෝහලේ දිස්ත්‍රික්කයේ නගරයේ රටේ?ලකුණු 05යි
ලියාපදිංචිය
එක විෂය වස්තුවකින් වචන තුනක්.එක් නිවැරදි පිළිතුරකට ලකුණු එක බගින් ලකුණු තුනයි
විෂය වස්තු තුන නිවරැදි ලෙස රෝගියා පවසන තුරු නැවත කියවන්න.
අවධානය සහ ගණනය
රෝගියාට සියයෙන් හතක් අඩුකරන්න කියන්න නැවත නැවත ගනන්අඩු කරවන්න.එක් නිවැරදි පිළිතුරකට ලකුණ බැගින් ලකුණු පහයි.
යළි කැඳවීම
ලියාපදිංචි අදියරේදී පැවසු විෂය වස්තු නැවතත් රෝගියාට පවසන්න කියන්න. ලකුණු 03යි
භාෂාව
සරල විෂය වස්තු දෙකක් සදහා ලකුණු එක බැගින් ලකුණු 02 යි.
විවිධ ආකාරයේ දේ කරන ලෙස තුන්වරක් පවසන්න.
උදා:ඔබේ අතින් නාසය අල්ලන්න දකුණු කණ අල්ලන්න ලකුණු 03 යි.
හිස් කොළයක් ලබා දී ඇස් වසාගන්න පවසන්න පසුව වාක්‍යයක් ලියන ලෙස පවසන්න. මෙහිදි ඇස් වැසීමට ලකුණු 01  ක් ද,  වාක්‍යයේ උක්ත ආඛ්‍යාතය ඇත්නම් ලකුණු01  ක් ද,  පංචාස්‍රයක් අගලෙ අගලෙ ඡේඳනය කර අඳින්න කියන්න. නිවැරදි නම් ලකුණක් දෙන්න.
උපරිම ලකුණු 30 කි

ප්‍රතිකාර
රෝග විනිශ්චය හා ඔබේ තත්වය මත ප්‍රතිකාර විවි වේ. අවාසනාවකට මෙන් ඉහත රෝග තත්ව බොහෝමයක් නිට්ටාවට සුවකළ නොහැක.



පිහිටක් ලබා ගත හැක්කේ කා වෙතින්ද?
  • පවුලේ වෛද්‍යවරයා
  • රෝහල් වල මනෝ වෛද්‍ය සහ ස්නායු වෛද්‍ය ඒකක
  • HelpAge

මනෝ විද්‍යාත්මක උපදේශනය



මනෝ විද්‍යාව වු කලි මිනිසාගේ මනස සහ චර්යාව පිළිබදව කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයක් වශයෙන් දැක්විය හැක.

වර්තමානයේ දී මනෝවිද්‍යාව ඉතා දැවැන්ත විෂයක් ලෙස දියුණු වී පවතී. එමෙන් ම බොහෝ දෙනා මනෝ විද්‍යාව තමාගේ ජිවිතයට නව ආලෝකයක් ලබාදෙන විෂයක් ලෙස සැලකීමට පුරුදු වී ඇති අතර මනෝවිද්‍යාව ඉගෙනීමට මහත් රුචියක් ද දක්වන බව පෙනේ. මනෝවිද්‍යාව විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත වී තිබේ. සාමාන්‍ය මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, අධි මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව, ජිව මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව ආදිය ඉන් කිහිපයකි. අප ඉහත සදහන් කළ මනෝවිද්‍යාත්මක උපදේශනය අයත්වන විෂය ‍ක්ෂේත්‍රය ලෙස සැලකිය හැක්කේ උපදේශන මනෝවිද්‍යාවයි.

දැන් අප මනෝවිද්‍යාවේ ඉතිහාසය මදක් විමසා බලමු. මනෝවිද්‍යාව ස්වාධීන හා විද්‍යාත්මක විෂයක් බවට පත්වුයේ 19 වන ශත වර්ෂය අගභාගයේ දීය. නමුත් මනෝවිද්‍යාව ඉතා දිගු අතීතයක් ඇති බව එහි ඉතිහාසය දෙස බැලු විට පෙනීයන කරුණකි. මිනිසා ලොව බිහි වු මුල් යුගවල සිටම තාමගේ මනසේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන විමර්ශනය කිරීමට පුරුදුව සිටියේය. ලෝකයේ පුරාණ ශිෂ්ඨාචාර වන ඉන්දියානු ,චීන ,ග්‍රීක ,ඊජිප්තු බැබිලොනියානු ආදී ඒවායේ මෙයට සාධක දැකිය හැකිය. අවුරුදු පනස්දහසකට වඩා පැරණි මෙම ශිෂ්ඨාචාරවල මනස පිළිබදව විමර්ශණය හෙවත් මනෝවිද්‍යාව පැවතුනේ දාර්ශනික විෂයයක් ලෙසය. එකල දර්ශනය පොදු විෂයක් ලෙස සැලකුනු අතර සෑම ශාස්ත්‍රිය විෂයකම දාර්ශනික සංකල්ප අන්තර්ගත විය. ජිව, භෞතික, රසායන සහ ‍වෛද්‍ය ආදි වු ස්වභාවික විද්‍යා විෂයයන් ස්වභාවික දර්ශනය වශයෙන් පැවතුන අතර සමාජ, ආර්ථික, දේශපාලන, සමාජීය විද්‍යා විෂයයන් සමාජ දර්ශනය වශයෙන් පැවතුණේය. මෙහි දී මනස සම්බන්ධව සිදු කරන අධ්‍යයනය පැවතුනේ මනස පිළිබද දර්ශනය වශයෙනි.

මනෝවිද්‍යාවේ දියුණුවට‍ පුරාණ ග්‍රීකයන්ගේ චින්තනය ඉතා‍ වැදගත් වී තිබේ. ඔවුන් විශ්වාස කළ ආකාරයට මනෝවිද්‍යාව වු කලී මනස පිලිබද දර්ශනයකි. ශ්‍රෙෂ්ඨ ග්‍රීක දාර්ශනිකයෝ මනස පිළිබදව සහ එහි ස්වභාවය පිළිබදව සෙවිමට උනන්දු වුහ. මේ අය අතුරින් ක්‍රි.පු. 4 වන සියවස අගභාග‍යේ ජිවත් වු ප්ලේටෝට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මිනිසෙකුට ඔහුගේ ශරීරය හා ආත්මය යනුවෙන් කොටස් 2ක් ඇති බව ඔහු කියා සිටියේය. එකල මනස වෙනුවට ආත්මය යන පදය ග්‍රීකයන් විසින් භාවිත කරන ලදී. මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් වලට හේතුව මෙම ආත්මය බව ප්ලේටෝ කියා සිටියේය. තවත් ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනියකු වු ඇරිස්ටෝටල් ද ආත්මය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. ඔහු ප්ලේටෝගේ ශිෂ්‍යයෙකි. මිනිසාට පමණක් නොව ශාක හා සතුන්ට ද ආත්ම පවතින බව ඇරිස්ටෝටල්ගේ මතය විය. තව ද ආත්මය පුද්ගලයාගේ ජීවයේ මුලධර්මය බව ද ඔහු කිවේය. මෙලෙස ග්‍රීක දාර්ශනියකයන් විසින් මනෝවිද්‍යාවේ එන විවිධ සිද්ධාන්ත ගොඩනගන ලදී.

මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන විමසිමේ දී 16 වන සියවසේ ජිවත් වු ප්‍රංශ ජාතික රෙනේ දෙකාර්න් කැපී පෙනෙන පුද්ගලයෙකි. ප්‍රථම වරට ආත්මය යන පදය වෙනුවට මනස යන පදය හදුන්වා දුන්නේ මොහුය. මිනිසා සහ ශරිරය යනුවෙන් කොටස් දෙකකට වෙන්කල හැකි බව ඔහු ප්‍රකාශ කලේය. ඉන්පසු මනස පිළිබද අධ්‍යයනයන් වෙනමත් ශරීරය පිළිබද අධ්‍යයනයන් වෙනමත් අංශ දෙකක් ලෙස වෙන වෙනම වර්ධනය විය.

18 වන හා 19 වන ශතවර්ෂවල ජීව, රසායන, භෞතික, වෛද්‍ය විද්‍යා මෙන්ම සමාජ විද්‍යාවන් හා විශේෂයෙන් මානව විද්‍යා ආදී විද්‍යාවල දියුණුව මනෝ විද්‍යාවේ සංවර්ධනයට බෙහෙවින් ඉවහල්විය. එම විද්‍යාවල සොයාගත් නවීන සොයාගැනිම් හා මතවාද මනෝවිද්‍යාවේ සෛද්ධාන්තික අංශයේ දියුණුවට බලපෑවේය. විශේෂයෙන් ම චාර්ල්ස් ඩාවින්, ඇල්බට් අයින්ස්ටයින්, හර්බට් ස්පෙන්සර්, ෆැන්සිසි ගැල්ටන් ආදීන් ගැන මෙහිදී සදහන් කල හැකිය. මෙලෙස දාර්ශනික පදනමක් මත ගොඩනැගුණු මනෝවිද්‍යා විෂයට වෙනත් විද්‍යාවල ආභාෂය ද ලැබුණි. මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රවේනි විද්‍යාත්මක දැනුම හා ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලින් ආදිය පිළිබද කරන සොයාගැනීම් ද මනෝ විද්‍යවේ දියුණුවට හේතුවිය.

මනෝවිද්‍යාවේ දියුණුව හා සංවර්ධනයට බලපා ඇති තවත් බොහෝ විෂය ක්ෂේත්‍ර තිබේ. මානව විද්‍යාව ආගම, සාහිත්‍ය, කලාව, ආදිය ඒ අතර වැදගත් තැනක් ගනියි. මිනිසාගේ විවිධ සංස්කෘතින් අතර පවතින වෙනස්කම් හා සමානකම් ආදිය ද මානව චින්තනය හා චර්යාව කෙරෙහි සංස්කෘතික අංශයේ බලපෑම ආදිය පිළිබදව ද මානව විද්‍යාත්මක කරන ලද බොහෝ අධ්‍යයන වලින් ලබාගත් දැනුම මනෝවිද්‍යාවේ වර්ධනයට ආධාර වී තිබේ. සෑම ආගමකම සදාචාර මනෝවිද්‍යාත්මක පදනමක් පවතියි. තම ආගම ඇදහීම සදහා මිනිසා තුළ ස්වභාවික ප්‍රේරණයක් ඇති බව විලියම් ජේම්ස් වැනි මනෝවිද්‍යාඥයන් පෙන්වා දී ඇත. තවද ලෝකයේ බිහි වු සෑම සාහිත්‍ය කලා නිර්මාණයක් ම මනෝ විද්‍යාවේ සංවර්ධනයට දායක වී තිබේ. ලෝකයේ මෙතෙක් බිහි වු ශ්‍රේෂ්ඨ කලා කෘති හා උසස් සංගීත නිර්මාණ වලින් මිනිසුන්ගේ භාව ප්‍රකාශ කරයි. සෑම කලා කෘතියකින් ම මිනිසුන් මානසික වින්දනයක් ලබයි. මිනිසුන්ගේ මනෝභාව හෙලි කරන මෙවැනි කලා නිර්මාණ මනෝවිද්‍යාවේ දියුණුවට ඉමහත් සේවයක් ඉටු කර තිබේ.

මනෝවිද්‍යාව යනු මිනිසාගේ මානසික ජිවිතය පිළිබද විද්‍යාවයි යනුවෙන් ඇමෙරිකානු ජාතික ‍මනෝවිද්‍යාවඥයෙකු වන විලියම් ජේම්ස් පැවසීය. 20 වන සියවස මුල් දශකයේ දී බිහි වුනු චර්යාවාදයේ නිර්මාතෘ වු ජේ.බී. වොට්සන් නැමැති මනෝ විද්‍යාඥයා මනෝවිද්‍යාවේ පදනම වශයෙන් සැලකුවේ මනස නොව චර්යාවයි. මනෝවිද්‍යාව යනු චර්යාවක් අධ්‍යයනය කිරීමයි යනු වොට්සන් දැරූ මතය විය. නමුත් නුතන මනෝ විද්‍යාඥයෝ මිනිස් මනස හා චර්යාව යන අංශ දෙකම ‍මනෝවිද්‍යාව ලෙස පිළිගනිති.

ඉහත සදහන් වු සියලුම කරුණු සැලකිල්ලට ගත් කල පෙනෙන්නේ මනෝවිද්‍යාව දර්ශනයෙන් ඉපදී වෙනත් විද්‍යාවන්ගෙන්ද පෝෂණය ලබමින් පරිණත වී ඇති බවයි. විද්‍යාවන්ගෙන් පමණක් නොව ආගම, කලාව වැනි විද්‍යාත්මක නොවන විෂයයන් වල ඇතැම් සංකල්ප ද මනෝවිද්‍යාව තුළ පවතියි. එම නිසා අද මනෝවිද්‍යාව යැයි සැලකෙන්නේ ස්වභාවික විද්‍යාවන් හා සමාජ විද්‍යාවන් අතර පවත්නා සුව්ශේෂ විද්‍යාවකි.